දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ට පුහුණු අභ්‍යාසලාභීන් 150ක් මාස 6 ක පුහුණු කාලයක් සදහා බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්ව විද්‍යාල අවසන් වසර සිසුන්ට මේ සදහා අයදුම් කල හැකි අතර පරිගණක සාක්ෂරතාව මේ සදහා මුලික සුදුසු කමක් වනු ඇත. මෙම පුහුණු කාලය තුල වැඩකරන දිනකට රු.1500ක දීමනාව ක් ලබාදීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඔබ මේ සදහා අයදුම් කිරීමට අදහස් කරන්නේ නම් විශ්ව විද්‍යාල පීඨාධිපති මගින් සහතික කරවාගත් ඔබගේ අයදුම්පත 31.07.2024 දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වෙත තැපැල් මගින් හෝ cgir.office@ird.gov.lk යන විද්යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න.